hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 22, පෙ.ව. 1:18



1966 ලෝක කුසලාන ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයකු වූ සර් බොබී චාර්ල්ටන් ඊයේ (21) අභාවප්‍රාප්ත වුණා.

මියයනවිට 86 වන වියෙහි පසුවූ චාර්ල්ටන් ඩිමෙන්‍ෂියා රෝගයෙන් පෙළෙන බව 2020 දී සොයාගෙන තිබුණා.

1956 සිට 1973 දක්වා මැන්චස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කළ චාර්ල්ටන් 1958 මියුනික් ගුවන් අනතුරෙන් දිවි ගලවාගත් අයෙක්. 1958 සිට 1970 දක්වා ඔහු එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරග 106 කදී ගෝල 49 ක් වාර්තා කරගෙන තිබෙනවා.

1966 ලෝක කුසලානයේදී බොබී සහ ඔහුගේ සොයුරු ජැක් දෙදෙනා ම එංගලන්ත පිළ නියෝජනය කළා. එම වසරේම බැලන් ඩෝර් සම්මානය හිමි වූයේ ද බොබී චාර්ල්ටන්ටයි.