hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 9:32



මෙක්සිකෝවේ කොන්ග්‍රස් සභාවෙහි මන්ත්‍රීන් වෙත වසර දහසක් පැරණි බව සඳහන් වන “පිටසක්වල ජීවීන්ගේ” යයි කියන සිරුරු දෙකක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

මෙම සිරුරු ප්‍රදර්ශනය සිදුකර තිබෙන්නේ හඳුනානොගත් පියාසර කරන වස්තූන් පිළිබඳ කෙරෙන විමර්ශනයක් අතරතුරදී බවයි වාර්තා වූයේ.

පිටසක්වල ජීවීන් පිළිබඳ විමර්ශකයකු සහ මාධ්‍යවේදියකු බව කියන හයිම් මවුසන් නමැත්තා විසින් මෙම ප්‍රදර්ශනය කෙරුණ අතර ඔහු කියා සිටියේ මෙම සිරුරුවලින් ගත් තුනෙන් එකක් පමණ මිනිසුන් තුළ දකින්නට නැති බවයි. මොවුන් පෘථිවියේ ජීවය පරිණාමයේ ඉතිහාසයට අදාල නොවන බවත්, හඳුනානොගත් පියාඹන වස්තුවක් කඩාවැටී සොයාගත් සිරුරු ද නොවන බවත් ඔහු කියා සිටිනවා.

මවුසන් සඳහන් කළේ මෙම සිරුරු පේරු හි පතලක තිබී හමුවූ බවයි.

කෙසේ වෙතත් 2015 දී ද මවුසන් පේරුවලින් සොයාගත් ෆොසිලකරණයට ලක්වූ පිටසක්වලයකුගේ යයි සඳහන් වූ සිරුරක්, මමීකරණය කළ දරුවකුගේ සිරුරක් බව සොයාගැනුණා.

නමුත් මවුසන් පවසන්නේ මෙම සිරුරු විද්‍යාඥයින් විසින් පරික්ෂා කර ඇති බව සහ එයින් එකක් අභ්‍යන්තරයේ බිත්තර හා සමාන දෙයක් ඇති බවයි.

Example Image