hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 14, ප.ව. 2:58



ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකින් පසු පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා වීමෙන් අනතුරුව පොලිසිය එම ප්‍රදේශයට ළඟා වී සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළා.

එරට වෙලාවෙන් සන්ධ්‍යා යාමයේ මෙම සිද්ධිය වාර්තා වූ අතර ඒ වනවිට ප්‍රදේශය ජනාකීර්ණ වී තිබුණා.

කෙසේ වෙතත් සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර නැහැ. සිඩ්නි වෙලාවෙන් රාත්‍රී අට පසුවෙද්දී ද පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකව තිබුණා.