hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 මාර්තු 09, ප.ව. 8:13



ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති ධුරයට පත්වුවහොත් නැවත ලෝකයේ සාමය ඇතිවේ යයි හන්ගේරියානු අගමැති වික්ටර් ඔර්බාන් විශ්වාසය පළ කළා.

සිකුරාදා ෆ්ලොරිඩාවේ ට්‍රම්ප්ට අයත් මාර්-අ-ලාගෝ නිවසේදී ඔහුව හමුවූ ඔර්බාන් ඇමරිකාවට සහ හන්ගේරියාවට බලපාන කරුණු සාකච්ඡා කළේ යයි සඳහන් වනවා.

එමෙන්ම ෆේස්බුක් වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔර්බාන් සඳහන් කරන්නේ ට්‍රම්ප්ගේ පසුගිය ධුර කාලය තුළ මැදපෙරදිග මෙන්ම යුක්‍රේනයේ ද සාමය පැවති බවයි.

තවද අපට ලෝකයේ ගෞරවය දිනාගත්, සාමය ස්ථාපිත කළ හැකි නායකයන් අවශ්‍ය බවත්, ට්‍රම්ප් එවැන්නකු බවත් සිය X ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඔර්බාන් කියා සිටිනවා.

එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.