2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 6:52
පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා බව බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් නිවේදනය කළා.
ජූලි මාසයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබූ කොන් දේසි කිහිපයක් ඊශ්‍රායලය විසින් ඉටු නොකිරීම මත මෙම පියවර ගෙන තිබෙනවා.
ගාසා තීරයෙහි සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම, එම ප්‍රදේශයට ආධාර යැවීම, බටහිර ඉවුර ඈඳා නොගන්නා බව ප්‍රකාශයට පත්කිරීම සහ රාජ්‍ය දෙකේ විසඳුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාවලියට ඇතුල් වීම යන කොන් දේසි බ්‍රිතාන්‍යය විසින් නම්කර තිබුණා.
බ්‍රිතාන්‍යයට අමතරව ඔස්ට්‍රේලියාව සහ කැනඩාව ද පලස්තීනය නිල වශයෙන් පිළිගන්නා බව සඳහන් කර ඇති අතර ප්‍රංශය ඇතුළු තවත් ඇතැම් රටවල් ඉදිරියේදී එම පියවර ගැනීමට නියමිතයි.
මෙම පියවර සංකේතාත්මකව වැදගත් වන නමුත් ගාසාවේ යුද්ධය නැවැත්වීමට එයින් බලපෑමක් වේ යැයි සිතීම අපහසු බවයි පෙනෙන්නට ඇත්තේ.
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:59
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:43
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 7:59
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 9:09
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 9:13