hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 අප්‍රේල් 13, පෙ.ව. 12:39



යුක්‍රේනයට බ්‍රිතාන්‍ය හමුදා යැවීම පිළිබඳ බරපතල ලෙස සලකා බැලිය යුතු බව බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදා පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ජේම්ස් හීපි ප්‍රකාශ කරනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් නේටෝ හමුදා යුක්‍රේනය වෙත යැවීම පිළිබඳ පසුගියදා කළ යෝජනා සමහරක් පිළිබඳව වඩාත් සිතාබැලිය යුතු බව ස්කයි නිව්ස් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී හීපි ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙසේ හමුදා යවන්නේ කිනම් ආකාරයේ කටයුත්තක් සඳහාදැයි යන්න ප්‍රවේශම් සහගතව සැලකිය යුතු බව කියන හීපි කිසිසේත් ම බ්‍රිතාන්‍ය හමුදා සටන් පවතින ප්‍රදේශයන් දෙසට යැවීම සිදු නොකළ යුතු බවත් කිසිසේත්ම රුසියාව සහ නේටෝව අතර යුද්ධයකට මාර්ගය විවෘත නොකළ යුතු බවත් සඳහන් කරනවා.

කෙසේ වෙතත් රුසියාව මීට පෙර පවසා තිබෙන්නේ බටහිර හමුදා යුක්‍රේනයට පැමිණියහොත් එය රුසියාවට කළ තර්ජනයක් සේ සලකා කටයුතු කරන බවයි.