2023 නොවැම්‍බර් 19, ප.ව. 11:24
යේමනයේ හූති කැරලිකරුවෝ අද දින රතු මුහුදේදී නෞකාවක් පැහැරගත් බව නිවේදනය කළා. ඔවුන් සඳහන් කළේ නම් මෙම නෞකාව ඊශ්‍රායලයට අයත් බවයි.
මාධ්‍ය වාර්තා පැවසූ පරිදි හෙලිකොප්ටරයකින් පැමිණි සටන්කාමීන් පිරිසක් මෙම නෞකාව සිය භාරයට ගෙන තිබෙනවා.
නෞකාව බහමාස් දූපත් හි ධජය යටතේ යාත්‍රා කළ අතර බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි සමාගමකට එය අයත් වනවා. ඊශ්‍රායල ජාතික ව්‍යාපාරික රමී උන්ගාර් එම සමාගමෙහි කොටස් හිමියකු බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් පැහැරගන්නා අවස්ථාව වනවිට ජපන් සමාගමකට බදු දී තිබූ නෞකාව තුර්කියේ සිට ඉන්දියාව දක්වා ගමන් කරමින් සිටියා.
ඊශ්‍රායල සන්නද්ධ හමුදා මෙම පැහැරගැනීම බරපතල කරුණක් බව කියා සිටිනවා. නමුත් එම නෞකාව ඊශ්‍රායලයට අයත් නොවන බව පවසන එරට සන්නද්ධ හමුදා, නෞකාවේ කාර්යය මණ්ඩලයේ ද ඊශ්‍රායල වැසියන් නොමැති බව පවසුවා.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:31
2025 ඔක්‍තෝබර් 10, ප.ව. 7:29