hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජූනි 04, ප.ව. 7:43



2024 ඉන්දියානු මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (NDA) වැඩි ආසන සංඛ්‍යාවකින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව දැනට ආසන 295 ක පමණ ඔවුන් ඉදිරියෙන් සිටින බව පෙනී යනවා. කෙසේ වෙතත් භාරතීය ජනතා පක්ෂයට තනිව බහුතර බලයක් ලැබී නැහැ.

සන්ධානය තුළ සිටින අනෙකුත් පක්ෂ වන තෙළිඟු දේශම් පක්ෂයට ආසන 16 ක් සහ ජනතා දල් (එක්සත්) ආසන 14 ක් ආදී වශයෙන් ආසන දිනාගත් පක්ෂ කිහිපයක් වනවා. එහෙයින් එම සන්ධානය කිසියම් අස්ථාවර තත්ත්වයකට පත්වේ යයි අනුමාන කෙරෙනවා.

මේ තත්ත්වය යටතේ විපක්ෂ INDIA සන්ධානයේ ප්‍රබලයින් තෙළිඟු දේශම් නායක චන්ද්‍රබාබු නායිදු සහ ජනතා දල් (එක්සත්) නායක නිතිශ් කුමාර් වැනි ප්‍රබලයින් සමග රහස් සාකච්ඡා අරඹා ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරුණු දක්වා තිබෙනවා. කිසියම් අවස්ථාවක එම නායකයින් NDA සන්ධානය අතැර පැමිණියහොත් NDAයට පාර්ලිමේන්තු බහුතරය අහිමි වී යාමේ අවදානමක් මතුවනවා.