hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 05, ප.ව. 9:13



ඇමරිකාවේ කොන්සර්වේටිව් මාධ්‍යවේදියකු වන ටකර් කාර්ල්සන් මීට ස්වල්ප වෙලාවකට පෙර රුසියානු ජනාධිපති පරිපාලක මූලස්ථානයෙන් පිටව ගියේ යයි වාර්තා වනවා.

ඔහු එම ස්ථානයෙහි පැයක පමණ කාලයක් ගතකර තිබුණා. එහිදී ඔහු පුටින් සමග සම්මුඛ සාකච්ඡාවක නිරත වූ බවයි විශ්වාස කෙරෙන්නේ.

ටකර් කාර්ල්සන් ෆොක්ස් රූපවාහිනියේ මාධ්‍යවේදියකුව සිටි අතර පසුව එයින් ඉවත් කරනු ලැබුණ පසු ස්වකීය සාකච්ඡා වැඩසටහනක් ආරම්භ කළා. පුටින් සමග සාකච්ඡා කිරීම ඔහුගේ දිගුකාලීන අපේක්ෂාවක් වුණා.