hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 22, ප.ව. 11:16



ඉන්දියාව විසින් සඳ වෙත යවන ලද චන්ද්‍රයාන් – 3 යානය සඳෙහි ගොඩබැසීම ඉන්දියාවේ (සහ ශ්‍රී ලංකාවේ) වේලාවෙන් හෙට සවස් යාමයේ සිදුවීමට නියමිතයි.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (ISRO) පැවසූයේ එම ගොඩබැසීම තම X (කලින් ට්විටර්) ගිණුම ඔස්සේ සවස 5.30 සිට සජීවීව විකාශය කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙතෙක් එම යානය නියමිත පරිදි ගමනෙහි යෙදෙන අතර සඳෙහි මතුපිට සිට කිලෝමීටර් 70 ක් පමණ ඉහළින් ගන්නා ලද ඡායාරූප ද එවීමට සමත්ව තිබුණා.

කිසියම් අයුරකින් හෙට මෙම ගොඩබැසීම සිදුකිරීමට නොහැකි යයි සැක මතුවන තත්ත්වයක් වේ නම් අගෝස්තු 27 වනදා යානය ගොඩබැසීමට උත්සාහ කරන බව ආයතනය පවසා තිබුණා.