2023 අගෝස්‍තු 29, ප.ව. 10:08
චන්ද්‍රයාන්-3 මෙහෙයුමෙහි ප්‍රග්යාන් රෝවරය විසින් සඳෙහි දකුණු ධ්‍රැවය ආසන්න ප්‍රදේශයේ සල්ෆර් ඇති බවට තහවුරු කර තිබෙන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසනවා.
Laser-Induced Breakdown Spectroscope උපකරණය මගින් කළ පරීක්ෂණවලින් මේ බව අනාවරණය වූයේ යයි එම ආයතනය සඳහන් කර තිබුනා.
තවද, සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයෙහි හයිඩ්‍රජන් සෙවීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතිනවා.
බලාපොරොත්තු වූ පරිදිම එම ප්‍රදේශයේ ඇලුමිනියම්, කැල්සියම්, යකඩ, ක්‍රෝමියම්, ටයිටේනියම්, මැන්ගනීස්, සිලිකන් සහ ඔක්සිජන් හමුවූ බව ද ආයතනය කියා සිටියා.
එමෙන්ම මීට පෙර කළ පරීක්ෂණවලදී සඳෙහි පෘෂ්ඨයේ සිට පහළට යනවිට එහි උෂ්ණත්වය අඩුවන බව ද සොයාගෙන තිබෙනවා.
ප්‍රග්යාන් රෝවරය චන්ද්‍රයාන්-3 මෙහෙයුමේ වික්‍රම් යානය ගොඩබැස්ස ස්ථානයෙන් මීටර් අටක් පමණ දුරක වන ප්‍රදේශයක් ගවේෂණය කර ඇති බවයි සඳහන් වන්නේ.
2024 දෙසැම්‍බර් 27, පෙ.ව. 6:44
2024 දෙසැම්‍බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්‍බර් 23, පෙ.ව. 11:34
2024 දෙසැම්‍බර් 23, පෙ.ව. 11:22
2024 දෙසැම්‍බර් 20, ප.ව. 6:35