hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2023 අගෝස්‍තු 23, ප.ව. 7:33



චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැව ප්‍රදේශයට යානයක් ගොඩබැස්වූ පළමු රට බවට ඉන්දියාව අද දින ඉතිහාසයට එක් වුණා.

චන්ද්‍රයාන්-3 මෙහෙයුම යටතේ වික්‍රම් රෝවරය මෙසේ අද දින සඳමත සාර්ථක ගොඩබැසීමක් වාර්තා කළා.

මෙය ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ සුවිශේෂී දිනයක් ලෙස ඉතිහාසයට එක්වනු ඇති.

මීට ප්‍රථම සාර්ථකව යානා සඳට ගොඩබස්වා ඇත්තේ සෝවියට් දේශය​, ඇමරිකාව සහ චීනය පමණයි. එම ගොඩබැසීම් ද සඳෙහි සමකාසන්න ප්‍රදේශයන් වෙත කළ ගොඩබැසීම් වනවා.

මීට දින කිහිපයකට පෙර රුසියාව විසින් සඳෙහි දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශය කරා පිටත් කළ ලූනා-25 යානය​ සඳ මතට කඩා වැටුණා.