hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 22, පෙ.ව. 12:07



ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (ISRO) විසින් සඳ වෙත යවන ලද චන්ද්‍රයාන් – 3 යානය සාර්ථක ලෙස එහි ගොඩබසිනු ඇතැයි එම ආයතනයේ හිටපු ප්‍රධානී කේ. සිවන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ “ඉන්ඩියා ටුඩේ” සමග කළ සාකච්ඡාවක් අතරතුරදී යි.

කේ. සිවන් 2019 දී චන්ද්‍රයාන් – 2 මෙහෙයුම ක්‍රියාවට නංවන සමයෙහි හි ප්‍රධානියා වුණා. නමුත් ඔහු පවසා සිටින්නේ එම මෙහෙයුම සහ චන්ද්‍රයාන් – 3 මෙහෙයුම එකිනෙකට සපුරා වෙනස් මෙහෙයුම් දෙකක් වන බැවින් පෙර මෙහෙයුමේ අසාර්ථකත්වය අනුව මෙවර මෙහෙයුම ගැන කිසිවක් පුරෝකතනය කිරීම නිවැරදි නොවන බවයි.

චන්ද්‍රයාන් – 3 සඳහා යොදාගෙන ඇති උපාංග වඩා කල් පවතින, වඩා දියුණු ඒවා බව ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම මෙතෙක් එම මෙහෙයුම සාර්ථක ලෙස සිදුව ඇති බව ද කේ. සිවන් මතක් කර සිටියා.

සඳෙහි දකුණු ධ්‍රැවය ආසන්න පෙදෙසකට ගොඩබැසීමට නියමිත චන්ද්‍රයාන් – 3 යානය අගෝස්තු 23 වනදා ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මීට පෙරදී රුසියාව විසින් පිටත් කළ ලූනා-25 යානය සඳ මතට කඩා වැටුණා.