2024 ජනවාරි 09, ප.ව. 11:57
ගාසා තීරයේ ඊශ්රායල උපක්රමවල වෙනසක් සිදුව ඇතැයි ඊශ්රායල සන්නද්ධ හමුදා ප්රකාශක ඩැනියෙල් හගාරී පවසනවා.
ඒ අනුව විශාල හමුදා කණ්ඩායම් සම්බන්ධ කරගෙන කරන ප්රහාර වෙනුවට වඩා ඉලක්කගත ප්රහාර එල්ල කරන බවයි වාර්තා වන්නේ.
සිවිල් වැසියන් විශාල වශයෙන් මරණයට පත්වීම වැළැක්වීමට වඩා උපක්රමික, ඉලක්කගත මෙහෙයුම් ක්රියාත්මක කරන ලෙස ඇමරිකාව ද පසුගිය දිනවල ඊශ්රායලයට දන්වා සිටි බව වාර්තා වී තිබුණා.
මේ වනවිට ගාසා නගරයේ බොහෝ ප්රදේශ ඊශ්රායල හමුදා අතට පත්ව ඇතැත් ඇතැම් ස්ථාන තවම අල්ලාගෙන නැහැ. එමෙන්ම ඛාන් යුනිස් නගරයේ ද තවමත් දරුණු සටන් පවතිනවා.
පසුගිය දින කිහිපය මුළුල්ලේ ඊශ්රායලය ගාසා තීරයෙහි හමුදා ශක්තිය අඩු කරගෙන යන බව වාර්තා වුණා. මේ අතර ලෙබනන දේශසීමාව අසළ හිස්බුල්ලා සහ ඊශ්රායල ප්රහාර දිගටම සිදුවෙමින් තිබෙනවා.
2025 ජනවාරි 02, ප.ව. 2:25
2024 දෙසැම්බර් 29, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44
2024 දෙසැම්බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:34