2024 මැයි 02, ප.ව. 11:29
රුසියානු හමුදා විසින් දිගින් දිගටම චසිව් යාර් නගරය වෙත පහරදෙමින් සිටින බව යුක්රේන හමුදා පවසනවා. නමුත් මෙතෙක් රුසියානුවන්ට සාර්ථක ප්රථිඵල ලබාගත නොහැකි වී ඇතැයි ද යුක්රේනය කියා සිටිනවා.
දන්යෙත්ස්ක් පළාඅතේ පිහිටි චසිව් යාර් ප්රදේශය උස් බිම්කඩක පිහිටා ඇති හෙයින් මූලෝපායික වැදගත්කමක් දරනවා. එමෙන්ම එහි සිට කොස්තියන්තිනිකා, ස්ලවියාන්ස්ක්, ක්රමතොර්ස්ක් ආදී ප්රදේශයන්ට කාලතුවක්කුවලින් පහරදිය හැකි වනු ඇති. එහෙයින් රුසියානුවන්ට එම ස්ථානය වැදගත් වනවා.
මේ අතර චසිව් යාර් කොටුකිරීම සඳහා බොහ්දනිව්කා සහ ඉවානොව්යෙ ප්රදේශ වෙත ද රුසියානුවන් පහර දෙන බවයි යුක්රේනය කියා සිටින්නේ. කෙසේ වෙතත් එහිදී ද රුසියානුවන් සාර්ථක නැතැයි යුක්රේනය පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ රුසියානුවන් ජීවිත හානි ද නොතකා පහර දෙමින් සිටින බවයි
2025 ඔක්තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්තෝබර් 12, ප.ව. 2:31
2025 ඔක්තෝබර් 10, ප.ව. 7:29