2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 2:23
දෙවන ලෝක යුද්ධයේදී ජපානය පරාජය කිරීමේ 80 වන සංවත්සරය අද චීනයේ බීජිං නුවරදී සමරනු ලැබුණා.
මේ සඳහා දැවැන්ත හමුදා පෙළපාලියක් සංවිධානය කර තිබුණා. එහිදී චීනය තම නවීන අවි ආයුධ රාශියක් ප්‍රදර්ශනය කළා. ඒ අතර YJ-19 සහ YJ-20 මිසයිල, අන්තර් මාහද්වීපික බැලිස්ටික් මිසයිල, මුහුද යටින් යන, න්‍යෂ්ටික අවියක් වුව රැගෙන යා හැකි ඩ්‍රෝන ආදී විවිධ ඩ්‍රෝන, ලේසර් අවි, ඩ්‍රෝන නාශක යුධ ටැංකි, ප්‍රහාරක යානා, හෙලිකොප්ටර්, විවිධ වර්ගයේ මිසයිල ආදිය තිබුණා.
මෙම උත්සවය අවස්ථාවට රාජ්‍ය නායකයන් 26 දෙනකු පමණ සහභාගී වූ නමුත් සී ජින්පිං, කිම් ජොං-උන් සහ ව්ලදිමීර් පුටින් තිදෙනා එක්ම ස්ථානයේ පළමු වරට හමුවීම එයින් ද වැදගත් වුණා. සී ජින්පිං සිටියේ ද කිම් සහ පුටින්ට මැදිවයි.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ සී ජින්පිං කියා සිටියේ චීන ජනතාව ජපානය පරාජය කළේ වසර 14ක දුෂ්කර සටනකින් පසුව බවයි. මානව වර්ගයා යුද්ධය හා සාමය පිළිබඳ තෝරාගැනීමකට බලකර ඇතැයි ද ඔහු කියා සිටියා.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54