2023 අගෝස්‍තු 11, ප.ව. 7:27
ඉතාලියේ සිටියදී ඇමරිකාවේ CIA සංවිධානය වෙනුවෙන් ඔත්තු බැලූ බව කියන 52 හැවිරිදි චීන ජාතිකයකු අනාවරණය කරගත් බව චීනයේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය සඳහන් කළා.
මෙම පුද්ගලයා වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉතාලියට ගිය අවස්ථාවේ ඉතාලියේ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ඔහු සමග සබඳතා ඇතිකරගෙන තිබෙන බවයි චීනය පවසන්නේ. රාත්‍රී භෝජන, ඔපෙරා දර්ශන යනාදියට සහභාගී වෙමින් ඇමරිකානු ඒජන්තයකු ඔහු සමග මෙම සබඳතා ගොඩනගාගැනීම සිදුකර ඇතැයි ද චීනය කියා සිටිනවා. මිලිටරි-කාර්මික කටයුතු පිළිබඳ තොරතුරු ලබාදුනහොත් මුදල් මෙන්ම ඇමරිකාවේ පදිංචියට අවස්ථාව ලබාදෙන බව මෙම පුද්ගලයාට CIA සංවිධානය පොරොන්දු වී ඇතැයි ද චීනය පවසා සිටිනවා.
චෙංග් නම් වන මෙම පුද්ගලයාට චරපුරුෂ කටයුතු පිළිබඳ යම් යම් පුහුණුවීම් ද ලබාදී ඇති බවත් ඉන් අනතුරුව ඔහු යළි චීනයට පැමිණ ඇති බවත් චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් පළ කෙරුණ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වුණා.
චෙංග් නමැත්තාට එරෙහිව තමන් අවශ්‍ය පියවර ගන්නා ලද බව ද චීනය පවසා සිටිනවා. එහෙත් එම පියවර කවරක්දැයි පැහැදිලි වන්නේ නැහැ.
2025 මාර්තු 13, ප.ව. 1:57
2025 මාර්තු 12, ප.ව. 11:08
2025 මාර්තු 12, පෙ.ව. 11:18
2025 මාර්තු 11, ප.ව. 10:04
2025 මාර්තු 09, ප.ව. 11:58