hit counter

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2024 ජූනි 13, ප.ව. 11:49



ජූනි 15-16 දෙදින තුළ ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන යුක්‍රේන සාම සමුළුවට සහභාගී නොවන බව ප්‍රකාශ කළ චීනය, විකල්ප සාම වැඩපිළිවෙලක් සඳහා කටයුතු කරන බවට රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර උපුටා දක්වන එම පුවත් සේවය පවසන්නේ චීනය සහ බ්‍රසීලය විසින් මැයි මාසයේදී යෝජනා කළ සය වැදෑරුම් යෝජනාවලිය මත පදනම්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇති බවයි.

යුක්‍රේනය විසින් ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සමුළුව සඳහා චීනයට ආරාධනා කළේ මාස කිහිපයකට පෙරයි. කෙසේ වෙතත් චීනය එයට සහභාගී නොවන බව ප්‍රකාශ කළා. තමන් බලාපොරොත්තු වන තත්ත්වයන් එම සමුළුවෙහි නොමැති බවයි චීනය පවසන්නේ. යුක්‍රේනය සහ රුසියාව යන පාර්ශව දෙකම සාම සමුළුවට සහභාගී විය යුතු බව චීනය කියා සිටිනවා.

පසුගිය දිනෙක යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කළේ චීනය ස්විට්සර්ලන්තයෙහි පැවැත්වෙන සමුළුවට සහභාගි වන රටවල් වැළැක්වීමට සක්‍රියව කටයුතු කරමින් සිටින බවයි.