hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජනවාරි 13, ප.ව. 11:21



හමාස් සංවිධානයේ නායකයින් ඉලක්ක කරගැනීම සඳහා ඊශ්‍රායලයට CIA සංවිධානයෙන් බුද්ධි තොරතුරු ලැබෙන බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසනවා.

ඇමරිකානු නිලධාරීන් එම පුවත්පත සමග පවසා තිබෙන්නේ ඔක්තෝබර් 7 වනදා ප්‍රහාරයෙන් අනතුරුව හමාස් සංවිධානය පිළිබඳ තොරතුරු රැස්කිරීමේ අරමුණින් විශේෂ කාර්ය සාධන බලකායක් ස්ථාපිත කළ බවයි. ඒ සඳහා නියෝගය දී ඇත්තේ ජාතික ආරක්ෂක උපදේශය ජේක් සලිවන් බවයි පැවසෙන්නේ.

තවද CIA සංවිධානය සිය ප්‍රමුඛතා මට්ටමෙහි 4 වන මට්ටමේ සිට දෙවන මට්ටම දක්වා හමාස් සංවිධානය පිළිබඳ ප්‍රමුඛතාව ඉහළ දමා ඇති බවත් එහෙයින් ඒ පිළිබඳ කටයුතු සඳහා වැඩිපුර අරමුදල් ද ලබාදෙන බවත් වාර්තා වනවා.

හමාස් නායකත්වය ඉලක්ක කිරීම තුලින් සිවිල් වැසියන් දහස් ගණන් ඝාතනය වීමෙන් ලැබී ඇති කිසියම් වූ ඍණාත්මක ප්‍රසිද්ධිය වෙනස් වනු ඇතැයි ද ඇමරිකානුවන් බලාපොරොත්තු වන බවයි සඳහන් වන්නේ.