hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:58



පසුගියදා නිකුත් කළ පිටව යාමේ නියෝගය අනුව උතුරු ගාසා වෙතින් පිටව නොගිය සිවිල් වැසියන් ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ යයි සැලකීමට ද එහෙයින්ම මරණයට පත්වීමට ද ඉඩ ඇති බව ඊශ්‍රායලය පවසනවා.

සෙනසුරාදා ඊශ්‍රායල ගුවන් යානාවලින් බිම හෙළන ලද පත්‍රිකාවක මේ බව සඳහන් වනවා.

මේ අතර ගාසා හි අල් කුද්ස් රෝහල සහ තවත් රෝහල් විස්සකින් පුද්ගලයන්ට පිටව යන ලෙස ඊශ්‍රායලය සෙනසුරාදා දන්වා තිබුණා.

කෙසේ වෙතත් මේ අවස්ථාව වනවිට ජලය​, ආහාර සහ විදුලිය නොමැතිව ගාසා තීරයේ වැසියන් දැඩි මානුෂීය අර්බුදයකට මුහුණදී සිටිනවා.