hit counter

2025 මැයි මස 11 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 12, පෙ.ව. 10:15



ගාසා තීරයේ සටන් පැතිරීම වැළැක්වීම සඳහා හැකි උපරිම උත්සාහය ගන්නා බව සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසා තිබෙනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තුර්කි ජනාධිපති රචෙප් තයෙප් අර්දොවාන් සමග පවත්වන ලද දුරකථන සංවාදයකදී යි.

මේ අතර සටන් තත්ත්වවලදී මානුෂීය නීතිය සැලකිය යුතු බව සෞදි රජයේ ස්ථාවරය යයි එරට රජයේ නිල පුවත් සේවය සඳහන් කළා. කිසිදු අයුරකින් සිවිල් වැසියන් ඉලක්ක කිරීම හෙළා දකින බවයි සෞදි පුවත් සේවය පවසා තිබුණේ.

ගාසා තීරය වෙත එල්ල කරන ප්‍රහාර දැඩි වුවහොත් සෞදි අරාබිය සහ ඊශ්‍රායලය අතර මිත්‍රත්වය පිළිබඳ කෙරෙන සාකච්ඡාවලට බලපෑමක් විය හැකි යයි විචාරකයන් අනතුරු අඟවා තිබුණා.