hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 6:42



තම කෘෂිකාර්මික නිෂ්පාදන පිළිබඳව ඉදිරිපත් කර ඇති ඉල්ලීම්වලට බටහිර රටවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නම් යුක්‍රේන ධාන්‍ය අපනයන ගිවිසුම නැවත බලගැන්විය හැකි යයි රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් පවසනවා.

ඊයේ සෝචි හිදී තුර්කි ජනාධිපති රචෙප් තයෙප් අර්දොවාන් හමුවූ අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියා.

රුසියාව පවසන්නේ තම තිරිඟු සහ පොහොර අපනයනයන් සඳහා ඇති බාධාවන් කලින් එකඟ වූ පරිදි ඉවත් කර නොමැති බවයි. නමුත් බටහිර රටවල් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. යුක්‍රේනය සහ බටහිර කඳවුර පවසන්නේ පුටින් ගේ චෝදනා රුසියානු අවශ්‍යතා ඉටු කරගැනීමේ උපක්‍රමයක් පමණක් බවයි.

මේ අතර මෙම ගැටළුව කඩිනමින් විසඳාගැනීමට හැකි වේ යැයි තමන් බලාපොරොත්තු වන බව තුර්කි ජනාධිපති අර්දොවාන් පවසා සිටියා.

යුක්‍රේන යුද්ධය හේතුවෙන් ඇණ හිටි එරට ධාන්‍ය නිෂ්පාදන අපනයනය සඳහා 2022 ජූලි මසදී තුර්කියේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් මෙම ධාන්‍ය අපනයනය පිළිබඳ ගිවිසුමට රුසියාව සහ යුක්‍රේනය එළඹුණා.