hit counter

2025 පෙබරවාරි මස 10 වන සඳුදා

2025 පෙබරවාරි 08, ප.ව. 1:22



තම අරමුණ කින්ශාසා අගනුවර බලය අල්ලාගැනීම බව ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ කැරලි සන්ධානයක නායකයා වන කොර්නේල් නන්ගා පවසනවා.

නොබෝදා ගෝමා නගරයේ පැවති මහජන රැළියකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

රුවන්ඩාවේ සහය ලබන M23 ව්‍යාපාරය මීට ස්වල්ප දිනකට පෙර ගෝමා නගරය අත්පත් කරගත්තා. එම නගරය කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි උතුරු කිවූ පළාතේ අගනුවරයි.

කොර්නේල් නන්ගා M23 ව්‍යාපාරය ද අයත් කොංගෝ නදී සන්ධානය නම් වූ විපක්ෂ කැරලිකාර සන්ධානයක් මෙහෙයවනවා.

මේ වනවිට M23 ව්‍යාපාරය ගෝමා සහ ඒ අවට ප්‍රදේශයන් හි බලය තහවුරු කරගෙන ඇති අතර දකුණු කිවූ ප්‍රදේශයට ද තර්ජනය කරනවා.

මෙම කලාපය වැදගත් ඛනිජ සම්පත්වලින් පිරුණු ප්‍රදේශයක් වන අතර කලක පටන් විවිධ සන්නද්ධ කණ්ඩායම් මෙම ප්‍රදේශයන් හි ක්‍රියාත්මකයි.

කොර්නේල් නන්ගා ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වනවා. 2018 ජනාධිපතිවරණ සමයේ ඔහු එම ධුරය දැරූ අතර එම ජනාධිපතිවරණය ජයගෙන ජනාධිපති ධුරයට පත්වූ ෆීලික්ස් සිසෙකෙඩි තවමත් කොංගෝවේ ජනාධිපතිවරයා යි. 2018 ජනාධිපතිවරණය දූෂිත වූයේ යයි චෝදනා පවතිනවා.