hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 18, පෙ.ව. 10:23



ඇමෙරිකාවේ ජනපති ආර්යාව වන ජිල් බයිඩන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබෙනවා.

71 හැවිරිදි වියේ පසුවන ඇය ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනීම සිදුවූයේ ඇගේ සැමියා වන ඇමෙරිකන් ජනාධිපතිවරයා ද දෙවරක් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වී සති දෙකක් ගතවීමෙන් පසුවයි.

ජිල් බයිඩන් සුළු සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයකින් පසුවන බවත්, ජනාධිපති බයිඩන් සේම ඇය පළමු සහ දෙවැනි ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ද තෙවැනි සහ සිවුවැනි බූස්ටර් එන්නත් මාත්‍රා ද ලබා ගෙන සිටින බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.

ජිල් බයිඩන් නිරෝධායනය වී හුදෙකලාව පසුවන බවත්, ඇය ඇයට හිමි රාජකාරී නිරෝධායනයේ සිට සිදු කරනු ඇති බවත් ධවල මන්දිරය නිකුත් කල එම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් වෙයි.