2023 ඔක්‍තෝබර් 04, ප.ව. 11:17
අද අළුයම යාමයේ ක්‍රිමියාවේ තර්හන්කුත් අර්ධද්වීපය ප්‍රදේශය වෙත යුක්‍රේන කමාන්ඩෝ ප්‍රහාරයක් එල්ල වුණා.
යුක්‍රේනය සඳහන් කළේ ජෙට් ස්කී යොදාගෙන සිය සෙබළුන් එම අර්ධද්වීපයට කඩාවැදී රුසියානු ඉලක්ක වෙත පහරදුන් බවයි.
තමන්ට ද හානි සිදුවූ නමුත් රුසියානු පාර්ශවයට වඩා වැඩි හානි සිදුවූ බවයි යුක්‍රේනය පවසන්නේ.
කෙසේ වෙතත් රුසියාව පවසන්නේ තමන් මෙම ප්‍රහාරය මැඩපැවැත්වීමට සමත් වූ බවයි. යුක්‍රේනියානුවකු අත් අඩංගුවට ගැනීමට ද සමත් වූ බව රුසියාව පවසනවා. ප්‍රහාරය සඳහා 16 දෙනකු සහභාගී වූ බව අල්ලාගන්නා ලද යුක්‍රේනියානුවා පැවසී යයි රුසියාව සඳහන් කළා.
තර්හන්කුත් අර්ධද්වීපය ක්‍රිමියාවේ බටහිර ප්‍රදේශයේ පිහිටා ඇති අතර එහි නාවික කඳවුරක් මෙන්ම ගුවන් පථ කිහිපයක් ද තිබෙනවා.
2025 ජනවාරි 06, ප.ව. 12:53
2025 ජනවාරි 06, පෙ.ව. 5:53
2025 ජනවාරි 02, ප.ව. 2:25
2024 දෙසැම්බර් 29, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44