hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2024 මාර්තු 25, ප.ව. 2:45



මොස්කව් ප්‍රදේශයේ ක්‍රෝකුස් සිටි හෝල් හි ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේ ජීවිත සිය ගණනක් බේරාගැනීමට දායක වූ 15 හැවිරිදි ඉස්ලාම් හලීලෆ් (Islam Khalilov) සහ 14 හැවිරිදි අර්ත්‍යොම් දන්ස්කෝයි (Artyom Donskoy) වෙත විශේෂ රාජ්‍ය සම්මාන ප්‍රදානය කිරීමක් අද සිදුවුණා.

ක්‍රෝකුස් සිටි හෝල් හි කබා තැන්පත් කරන කුටිවල (cloakroom) අර්ධ කාලීන රැකියාවන් හි නිරතව සිටි මොවුන්, ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කලබලයෙන්, ව්‍යාකූලව පළා යමින් සිටි සිය ගණනක් දෙනා, ආරක්ෂිත මාර්ග ඔස්සේ ක්‍රෝකුස් සිටි හෝල් හි වෙනත් කොටසකට ගෙන යාමට සමත් වුණා.

ඔවුන්ට එම සම්මාන ප්‍රදානය කරන ලද්දේ රුසියාවේ ළමා කටයුතු පිළිබඳ ඔම් බුඩ්ස්මන් මාරියා ල්වෝවා-බෙලෝවා අතින්.