hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 15, ප.ව. 12:45



දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා නැවත වරක් එම ධුරයට තේරී පත්වුණා.

ඊයේ රාත්‍රියේ පවත්වන ලද ඡන්ද විමසීමේදී ඔහු, එරට ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ මෙන්ම ඉන්කාතා නිදහස් පක්ෂයේ සහ දේශප්‍රේමී සන්ධානයේ සහයෙන් එම ධුරයට තෝරාගනු ලැබුණා.

රමපෝසාට ඡන්ද 283 ක් ලැබුණ අතර ආර්ථික නිදහස් පෙරමුණේ ජුලියස් මලේමාට ලැබුණේ ඡන්ද 44 ක් පමණයි.

දකුණු අප්‍රිකාවේ ජනාධිපති තෝරාගනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසිනුයි. පසුගියදා පැවති මහමැතිවරණයේදී පාලක අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට බහුතර බලය අහිමි වූ අතර ඒ අනුව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා සිදුකෙරුණා.

කෙසේ වෙතත් මෙම නව එකමුතුව විවේචනය කරන ජුලියස් මලේමා පවසන්නේ මෙය අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය සහ සුදු ජාතික ධනපති සන්ධානයක් බවයි.