hit counter

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා

2025 ජනවාරි 29, ප.ව. 2:24



චීනයේ සමාගමක් විසින් හඳුන්වා දුන් DeepSeek නම් නව කෘත්‍රිම බුද්ධි යෙදවුමක් හේතුවෙන් ඇමරිකානු තාක්ෂණික සමාගම් අතර විශාල කැළඹීමක් ඇතිවුණා.

මීට හේතුව වන්නේ මෙතෙක් ප්‍රකටව තිබූ චැට් ජීපීටී වැනි යෙදවුම්වලට වඩා සාර්ථක යෙදවුමක් ලෙස පෙනී යාමයි.

කෙසේ වෙතත් එය නිපදවූ සමාගම පවසන පරිදි DeepSeek යෙදවුම සඳහා වියදම්ව ඇත්තේ ඩොලර් මිලියන 5.6 ක් තරම් සාපේක්ෂව ඉතා සුළු මුදලක්.

ඇමරිකානු කෘත්‍රිම බුද්ධි යෙදවුමක් නිපදවීමට ඩොලර් මිලියන 100 සිට ඩොලර් බිලියනය දක්වා පමණ ඔවුන් වියදම් කරන බවයි විචාරකයන් සිහිපත් කරන්නේ.

මේ නව යෙදවුම වෙළඳපොළට පැමිණීමත් සමග ඇමරිකානු තාක්ෂණ සමාගම් හි කොටස් අගය සැලකිය යුතු මට්ටමකින් පහළ ගියා. ජනවාරි 27 වනදා NASDAQ කොටස් වෙළඳපොලෙහි NVIDIA සමාගමේ කොටසක අගය සියයට තුනකට වඩා පහළ වැටුණා.