hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 12, ප.ව. 10:48



පන්ජාබ්, හර්යානා සහ බටහිර උත්තර් ප්‍රදේශ් හි ගොවීන් විසින් හෙට දින දිල්ලිය වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති හෙයින් දිල්ලියට ඇතුල්වන ස්ථානවල මාර්ග බාධක ඉදිකර ආරක්ෂාව තර කරනු ලැබ තිබෙනවා.

මෙම ගොවීන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධයෙහි නිරත වනවා. එයින් ප්‍රධාන වන්නේ සිය නිෂ්පාදන සඳහා අවම පාලන මිලක් නියම කිරීමයි.

මීට වසර කිහිපයකට පෙර කෘෂිකාර්මික පනත් තුනකට එරෙහිව ඒකරාශි වූ ගොවි සංගම් අතුරින් බිඳී ගිය පිරිසක් මෙම විරෝධතාවය දක්වනවා.