hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2024 ජූනි 08, ප.ව. 12:02



ඩෙන්මාර්ක අගමැතිණි මෙත්තෙ ෆෙඩ්රික්සන්ට ඊයේ මධ්‍යම කෝපන්හේගන් හිදී පහරදීමකට මුහුණදීමට සිදුවුණා.

කිසියම් පුද්ගලයකු ඇයට පහරදීමට උත්සාහ කළ බවත් එහිදී ඇයව තල්ලු කරනු ලැබුණු බවත් මාධ්‍ය වාර්තා කියා සිටියා.

අගමැතිණියට කිසියම් පහරදීමක් සිදුවූ බව ඇගේ කාර්යාලය විසින් ද තහවුරු කරනු ලැබුණා. මේ අතර එම පහරදීම කළ තැනැත්තා අත්අඩංගුවට ගන්නා ලද බව ද බලධාරීන් ප්‍රකාශ කළා.