2024 ජනවාරි 15, ප.ව. 6:16
ඉන්දියානු නිරූපිකාවක වූ දිව්‍යා පහූජා නමැත්තිය හිසට එල්ල කළ වෙඩි පහරකින් මියගිය බව ඇගේ මරණ පරීක්ෂණය මගින් හෙළිවී තිබෙනවා.
ජනවාරි 2 වනදා ඝාතනය වූ ඇගේ මළ සිරුර හර්යානා ප්‍රාන්තයේ ෆටේහබාද් හි ඇළ මාර්ගයක තිබී සොයාගන්නා ලද්දේ ජනවාරි 13 වනදා යි. ඇගේ ඝාතනයට සම්බන්ධ වූ බල්රාජ් ගිල් නමැත්තා පසුගියදා කොල්කටාවේදී අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු ලබාදුන් තොරතුරු මත මෙම සිරුර සොයාගනු ලැබුණා. පහූජාගේ සිරුර එතැන අතැර ගොස් තිබුණේ ගිල් සහ තවත් අයකු විසිනුයි.
ගුරුග්‍රාම් හි පොලිසිය පවසන පරිදි ජනවාරි 2 වනදා එම නගරයේ හොටෙල් සිටි පොයින්ට් හිදී හෝටලයේ අයිතිකරු වූ 56 හැවිරිදි අභිජීත් සිං ඇතුළු පස්දෙනකු විසින් දිව්‍යා පහූජා ඝාතනය කර තිබෙනවා. එයට හේතු වී ඇත්තේ පහූජා විසින් අභිජීත් සිංගේ කිසියම් අශ්ලීල ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කරන බව තර්ජනය කරමින් ඔහුගෙන් මුදල් ලබාගැනීමයි.
හෝටලයෙන් ලබාගත් දර්ශනවල අභිජීත් ඇතුළු පිරිස සුදු රෙද්දකින් වැසූ දිව්‍යාගේ සිරුර ඇදගෙන යන අයුරු සටහන්ව තිබුණා. පසුව ඔවුන් එම සිරුර වාහනයක දමාගෙන රැගන ගොස් තිබෙනවා. අභිජීත් එම වාහනය ගිල් වෙත භාරදී ඇති අතර ඔහු එම සිරුර ඇළ මාර්ගයකට දමාගොස් තිබෙනවා.
ඇගේ සිරුර ගෙනගිය මෝටර් රථය පන්ජාබයේ පටියාලා හි අතැර දමාගොස් තිබියදී සොයාගැනුණා.
ගුරුග්‍රාම් පොලිසිය වෙත ලද තොරතුරු අනුව පහූජාගේ මරණය සම්බන්ධව අභිජීත් ඇතුළු කිහිපදෙනකු කඩිනමින් අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙකුත් පිරිස සෙවීමේ පරීක්ෂණ ක්‍රියාත්මකව තිබුණා.
දිව්‍යා පහූජා වසර හතක් මුළුල්ලේ බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වූයේ මීට මාස කිහිපයකට පෙරයි. ඇය ඇගේ එකළ පෙම්වතා බව පැවසුණු සන්දීප් ගන්දෝලි නමැති පාතාල කල්ලි ප්රබලයාගේ ඝාතනයට හවුල් බවට සැක කෙරෙනවා. 2016 පෙබරවාරියේදී ගන්දෝලි පොලිස් භටයින් කිහිපදෙනකුට කොටුවී ඝාතනය වුණා. මෙම ඝාතනය විරේන්ද්‍ර කුමාර් හෙවත් බින්දර් ගුජ්ජර් නම් තවත් පාතාල නායකයකු හා එක්ව සැලසුම් කෙරුණක් බව සඳහන් වුණා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16