hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2024 ජූලි 18, ප.ව. 11:08



යුක්‍රේන හමුදා හර්සොන් පළාතේ ක්‍රින්කි ගම්මානයෙන් පළවාහැරීමට රුසියානුවන් සමත්ව ඇතැයි තහවුරු ව තිබෙනවා.

ද්නීපර් නදියේ නැගෙනහිර ඉවුරේ පිහිටි කුඩා ගම්මානයක් වූ ක්‍රින්කි සඳහා සටන මාස එකොළහක් මුළුල්ලේ පැවතුණා.

2022 පෙබරවාරියේ යුද්ධය ඇරඹි අවස්ථාවේ රුසියානුවන් ද්නීපර් ගඟෙහි බටහිර ඉවුරෙහි ඇතැම් ප්‍රදේශ අල්ලාගත් නමුත් යුක්‍රේන ප්‍රතිප්‍රහාර හමුවේ නොවැම්බරය වනවිට ඔවුන් හර්සොන් නගරයෙන් ද ඉවත් ව නැගෙනහිර ඉවුර වෙත පසුබැස්සා. එයින් අනතුරුව යුක්‍රේනියානුවන් එම ඉවුර කරා පැමිණීමට කළ උත්සාහයන් අසාර්ථක වුණා. 2023 ඔක්තෝබරයේදී යුක්‍රේන මැරීන් භටයන් ක්‍රින්කි වෙත ගොඩබැස කිලෝමීටර් 2.5 ක් පමණ ඉදිරියට පැමිණියා.

කෙසේ වෙතත් එතැනින් ඔබ්බට සිය බලපෑම පැතිරවීමට යුක්‍රේනියානුවන්ට හැකිවූයේ නැහැ. රුසියානුවන් දිගින් දිගටම එම ප්‍රදේශයට පහර දුන්නා. එමෙන්ම රුසියානු ඩ්‍රෝන සහ ගුවන් ප්‍රහාර හමුවේ ගඟෙහි එහා ඉවුරේ සිට සැපයුම් එවීම ද පහසු වූයේ නැහැ.

ක්‍රින්කි ගම්මානයෙන් යුක්‍රේනියානුවන් පසුබැස ඇතැයි යුක්‍රේන මාධ්‍ය වාර්තා කළේ ජූලි 16 වනදායි. මේ වනවිට එම කරුණ තහවුරුව තිබෙනවා.