hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2024 ජූනි 09, ප.ව. 12:29



යුක්‍රේනයට රුසියාව අභ්‍යන්තරයේ ඉලක්ක වෙත ජර්මන් ආයුධ යොදාගෙන පහරදීමට අවසර දීම ගින්නත් සමග සෙල්ලම් කිරීමක් බව ජර්මනියේ වාමාංශික නායිකාවක වන සාරා වාගනෙක්ට් පවසනවා.

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය අරභයා පැවති රැළියකදී ඇය කියා සිටියේ යුක්‍රේන යුද්ධය වඩා පුළුල් යුරෝපා යුද්ධයක් කරා යාමේ අවදානමක් ඇති බවයි. බටහිර රටවල් රතු සීමාවන් එකින් එක පනිමින් සිටින බව ඇය කියා සිටියා.

යුද්ධය ද සාමය ද යන්න දැන් තීරණය කළ යුතුව ඇතැයි ඇය තවදුරටත් පවසනවා.

ජර්මනියේ වාම පක්ෂයේ දිගු කාලීන නායිකාවක වූ සාරා වාගනෙක්ට් මෑත කාලයේදී එම පක්ෂයෙන් ඉවත්ව “සාරා වාගනෙක්ට් සන්ධානය​” පිහිටුවාගත්තා. ඇය ආර්ථික කරුණුවලදී වාමාංශික අදහස් දරන නමුත් සාමාජීය කරුණුවලදී ජාතිකවාදී ස්ථාවරයන් දරන නයිකාවක්. එහෙයින්ම ඇය වෙත වාම පක්ෂයේ කොටසක් මෙන්ම ජර්මනිය සඳහා විකල්පය පක්ෂයේ ද අනුගාමිකයන් කොටසක් ආකර්ශනය වී තිබෙනවා.