2025 ජනවාරි 27, ප.ව. 7:30
ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයෙහි උතුරු කිවූ පළාතේ අගනුවර වන ගෝමා නගරය M23 කැරලිකරුවන් අතට පත්වූ බව එම කැරලිකරුවන් පවසනවා.
කොංගෝ හමුදාවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා තිබුණේ එම හමුදා සෙබළුන් සතු ආයුධ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා වෙත භාර දියයුතු බවයි. ඒ අනුව ඇතැම් හමුදා සෙබළුන් ආයුධ භාර දුන් බව ද වාර්තා වනවා.
M23 කණ්ඩායම රුවන්ඩාවේ සහය ලබන කැරලි කණ්ඩායමක්. ඔවුන් පසුගිය දින කිහිපය තුළ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ හමුදා සමග දරුණු සටන්වල පැටලී සිටියා.
නොබෝදා සිදුවූ සටන්වලදී දකුණුදිග අප්‍රිකානු සංවර්ධන ප්‍රජාවට අයත් සාම සාධක හමුදා වෙත ද ප්‍රහාර එල්ල වී තිබුණ අතර දකුණු අප්‍රිකානු සෙබළුන් 9 දෙනකු සහ මලාවි රාජ්‍යයේ සෙබළුන් තිදෙනකු ද එම ප්‍රහාරවලින් මියගිය බව වාර්තා වී තිබෙනවා.
මේ අතර පසුගියදා රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ තුර්කියේ සංචාරය කළා. නැගෙනහිර කොංගෝවේ සටන් නැවැත්වීමට කටයුතු කළ යුතු යයි එහිදී තුර්කි ජනාධිපති රචෙප් තයෙප් අර්දොවාන් අවධාරණය කළා.
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15
2025 මාර්තු 31, ප.ව. 1:06
2025 මාර්තු 28, ප.ව. 11:51