2023 අගෝස්‍තු 09, පෙ.ව. 11:49
මොස්කව් නගරය දෙසට පැමිණි ඩ්‍රෝන දෙකක් බිම දැමීමට රුසියානු ආරක්ෂක අංශ සමත් වූ බව නගරාධිපති සර්ගේයි සොබ්යානින් ප්‍රකාශ කළා.
සිය ටෙලිග්‍රෑම් චැනලය ඔස්සේ ඔහු සඳහන් කළේ එම ඩ්‍රෝන නගරයට දකුණු දෙසින් දමදේදවා (Domodedovo) ප්‍රදේශයේ සහ නගරයට බටහිරින් මින්ස්ක් අධිවේග මාර්ගය දෙස දී බිම හෙළන ලද බව යි.
පසුගිය ඉරිදා සහ සඳුදා දිනවල ද මෙසේ මොස්කව් දෙසට පැමිණෙමින් තිබූ ඩ්‍රෝන දෙකක් බිම හෙළීමට සමත් වූයේ යයි රුසියානු බලධාරීන් පවසා තිබුණා. ඉරිදා දිනයේ දී ඩ්‍රෝනයක් බිම හෙළන ලද්දේ පදොල්ස්කි (Podolsky) ප්‍රදේශයේදී යි. සඳුදා දිනයේ කලූගා ප්‍රදේශයේ දී ඩ්‍රෝනයක් බිම හෙළනු ලැබුණා.
මොස්කව් නගරය මෑතකදී නිරන්තර ඩ්‍රෝන ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව තිබෙනවා. ඩ්‍රෝන කිහිපයක් පසුගිය දිනවල නගරයෙහි ස්ථාන කිහිපයක හානි සිදු කිරීමට සමත් වුණා. යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මෑතකදී පැවසූයේ තමන් යුද්ධය රුසියාව තුළට ගෙනයන බවයි.
2025 ජූනි 18, පෙ.ව. 7:14
2025 ජූනි 17, ප.ව. 3:45
2025 ජූනි 17, පෙ.ව. 6:36
2025 ජූනි 16, ප.ව. 10:04
2025 ජූනි 16, ප.ව. 9:06