2023 ඔක්තෝබර් 18, ප.ව. 8:19
දෙරට අතර පවතින අර්බුදය විසඳාගැනීමට සාකච්ඡා මාර්ගයකට එළඹීම අවශ්‍ය නම් නාටක නවත්වා සාකච්ඡා මේසයට එන ලෙස රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් යුක්රේනයට දන්වා සිටිනවා.
ඔහු මේ බව කියා සිටියේ අද චීනයේදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.
තමන් බලයේ සිටිනතුරු රුසියාව සමග සාකච්ඡා කිරීම තහනම් කෙරෙන නීතියක් යුක්රේනය විසින් සම්මත කර ඇති බව සිහිපත් කළ පුටින්, සාකච්ඡා අවශ්‍ය නම් එම නීතිය හකුළාගෙන සාකච්ඡා සඳහා පිවිසෙන ලෙස කියා සිටියා.
යුක්රේනය බටහිර ආධාර සහිතව මිලිටරි ජයග්‍රහණයක් සඳහා දිගටම උත්සාහ කළත් එය අසාර්ථක වූ බව පෙන්වා දුන් පුටින්, මේ වනවිට බටහිර රටවල ස්වරය ද කෙමෙන් කෙමෙන් වෙනස් වීමට පටන් ගෙන තිබෙන බව කියා සිටියා. මෙම වෙනස යහපත් වුවත් එය ප්‍රමාණවත් වෙනසක් නොවන බවයි ඔහු කියා සිටියේ.
යුරෝපා සංගමයේ විදේශ කටයුතු ප්‍රධානී ජෝසෆ් බොරෙල් පසුගියදා චීනයේ දී ප්‍රකාශ කළේ යුක්රේන අර්බුදය විසඳීමට චීනයේ සහය ලැබේ යයි තමන් බලාපොරොත්තු වන බවයි.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16