hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 30, පෙ.ව. 9:13



රුසියාවේ කම්චත්කා අර්ධද්වීපයට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ සිදුවූ මැග්නිටියුඩ් 8.8 ක දැවැන්ත භූකම්පනයකින් පසුව රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

රුසියාවේ කුරීල් දූපත් හි සීවෙර-කුරීල්ස්ක් නගරය වෙත පළමු සුනාමි රළ පහර ළඟා වී ඇති බව ද රුසියානු මාධ්‍ය වාර්තා කළා.

භූකම්පනය වාර්තා වූයේ රුසියාවේ කම්චත්කාවේ වෙලාවෙන් උදෑසන 11.30 ට පමණයි. කම්චත්කා අර්ධද්වීපයේ පිත්‍රපාව්ලව්ස්ක්-කම්චාත්ස්කි නගරයෙන් කිලෝමීටර් 136 ක් ගිණිකොනදිගින් වන සාගර ප්‍රදේශයෙහි මෙම භූමි කම්පාවේ අපිකේන්ද්‍රය වේ යැයි සැලකෙනවා. භූමිකම්පා ගහණ ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයට 1952 න් පසු ළඟා වූ දැවැන්තම භූමිකම්පාව මෙය බවයි රුසියානු මාධ්‍ය පවසන්නේ.

ඇමරිකාවේ ඇලස්කා සහ හවායි ප්‍රාන්තයන්ට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.