hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 අගෝස්‍තු 17, ප.ව. 6:57



නිජර් රාජ්‍යයේ හමුදා පාලකයන්ට එරෙහිව හමුදාමය පියවර ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාවට අයත් රටවල හමුදා ප්‍රධානීන් ඝානාවට රැස්ව තිබෙනවා.

ඔවුන් මෙසේ රැස්වන්නේ නිජර් හමුදා පාලනයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ඔවුන් අතරම වාද විවාද පවතින පසුබිමකයි.

මීට පෙර බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාවගේ රාජ්‍ය නායක රැස්වීමකදී ඔවුන් නිජර් වෙත යැවීමට හමුදාවක් රැස්කිරීමේ මූලික එකඟතාවයට පැමිණියා. කෙසේ වෙතත් නිජර් හමුදා පාලනය සමග ඔවුන් සාකච්ඡාමය ක්‍රියාමාර්ගයන්ට ද එළඹ තිබෙනවා. නමුත් නිජර් පාලකයන් ද විදේශීය බලපෑම්වලට යට වීමට සූදානම් නොවන බවයි පෙනී යන්නේ.

මේ අතර මාලි සහ බුර්කිනා ෆාසෝ රජයන් නිජර් වෙත සහය පළකර තිබෙන බැවින් බටහිර අප්‍රිකානු රටවල හමුදාමය ක්‍රියාදාමයක් වඩා පුළුල් ගැටුමක් කරා යොමුවීමේ අවදානමක් ද පවතිනවා.