hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 නොවැම්‍බර් 17, ප.ව. 2:39



ඇමරිකානු හමුදා කඳවුරු නැවත ස්ථාපිත කිරීම සඳහා ඉක්වදෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගෙන ආ යෝජනාවක් ජනමත විචාරණයකදී පරාජය වුණා.

නොවැම්බර් 16 වනදා පවත්වන ලද එම ජනමත විචාරණයෙදී අදාල යෝජනාව සියයට 60 ක් දෙනා විසින් ප්‍රතික්ෂේප කෙරුණා.

මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා ව්‍යයවස්ථා සභාවක් කැඳවීමට ගෙන ආ යෝජනාවක් ද පරාජයට පත්ව තිබෙනවා.

තවද දේශපාලන පක්ෂ සඳහා මහජන අරමුදල් සැපයීම අත්හිටුවීමේ යෝජනාවක් සහ ඉක්වදෝර කොන්ග්‍රස් සභාවේ මන්ත්‍රීන් සංඛ්‍යාව සියයට 50 කින් අඩු කිරීමේ යෝජනාවක් ද ජනතාව විසින් පරාජය කෙරුණා.

මෙම යෝජනාවන් ජනාධිපති ඩැනියෙල් නොබොආ විසින් තමන් වටා බලය කේන්ද්‍ර කරගැනීමට ගන්නා ප්‍රයත්නයක් ලෙසයි විපක්ෂ ක්‍රියාකාරීන් අර්ථ දැක්වූයේ.