2023 අගෝස්තු 10, ප.ව. 6:21
ඉක්වදෝරයේ අගෝස්තු 20 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් ව සිටි අපේක්ෂකයකු වූ ෆර්නැන්ඩෝ වියාවිසෙන්සියෝ (Fernando Villavicencio) ඝාතනය කරනු ලැබ තිබෙනවා.
එරට වෙලාවෙන් අගෝස්තු 9 රාත්‍රියේ කිටෝ අගනුවර පැවති ප්රචාරක රැළියකින් ස්වල්ප වෙලාවකට පසු ඔහු සිටි ට්‍රක් රථය වෙත මැෂින් තුවක්කුවකින් වෙඩි ප්‍රහාර තිහ හතලිහක් එල්ල වූ බව ඔහුගේ ඥාතියෙක් මාධ්‍ය වෙත පැවසුවා.
වියාවිසෙන්සියෝ දූෂණයට සහ අපරාධ කල්ලිවලට එරෙහිව සිය වාග් ප්‍රහාර මෙහෙයවූ අයෙක්. කලක් විමර්ශනාත්මක මාධ්‍යවේදියකු ව සිටි ඔහු ජනාධිපති රෆායෙල් කොරෙයාගේ පාලන සමයෙහි රටින් පිටුවහල්ව සිටියා. එමෙන්ම කොරෙයාට එරෙහිව කළ ප්‍රකාශ අරභයා පසුකාලීනව සිදු වූ නඩු විභාගයන් හේතුවෙන් වසරකට වඩා බන් ධනාගාරගත වී සිටින්නට ද ඔහුට සිදුවූ බව සඳහන් වනවා.
ඉක්වදෝර් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ජනාධිපති ගිලර්මෝ ලැසෝ තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ දෝෂාභියෝග ක්‍රියාවලිය හේතුවෙන් එරට ජාතික සභාව විසුරුවාහැරීම හේතුවෙන්. එවිට නව ජනාධිපතිවරයකු ද තෝරාගැනීමට අවස්ථාව ලැබෙනවා. මේ අනුව පැවැත්වෙන මැතිවරණවලින් තේරී පත්වන ජනාධිපති සහ ජාතික සභාව වත්මන් ජනාධිපතිගේ සහ ජාතික සභාවේ ඉතිරි ධුර කාලය සම්පූර්ණ වනතෙක් ධුරයන් දරනු ඇති.
මියයනවිට 59 වන වියෙහි පසුවූ වියාවිසෙන්සියෝ ජනාධිපතිවරණය පිළිබඳ සමීක්ෂණ වාර්තා අනුව පස්වන ස්ථානයට පත්වනු ඇතැයි පෙන්නුම් කෙරුණා. සමීක්ෂණ අනුව ඉදිරියෙන් සිටින්නේ රෆායෙල් කොරෙයාගේ අනුගාමිකයන් විසින් පිහිටුවාගෙන සිටින පුරවැසි විප්ලව ව්‍යාපාරයේ අපේක්ෂිකා ලුයීසා ගොන්සාලෙස් බවයි වාර්තා වන්නේ.
ඉක්වදෝර් ජනාධිපතිවරණය අගෝස්තු 20 වනදා නියමිත පරිදි පැවැත්වෙනු ඇති. කෙසේ වෙතත් අපේක්ෂකයන් කිහිප දෙනකුම සිය මැතිවරණ රැළි අවලංගු කර තිබෙනවා. මේ අතර අපරාධ කල්ලි මැඩලීමේ අවශ්‍යතාව විවිධ පාර්ශව විසින් නැවතත් අවධාරණය කර ඇතැයි ද වාර්තා වනවා.
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44
2024 දෙසැම්බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:22
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35