hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජනවාරි 10, ප.ව. 11:59



ඉක්වදෝරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි 22 කට එරෙහිව කටයුතු කරන ලෙස එරට ජනාධිපති ඩැනියෙල් නොබෝආ ආරක්ෂක අංශ වෙත නියෝග කළා.

ඊට හේතු වූයේ ඉරිදා ග්වයකීල් බන්ධනාගාරයෙන් කුප්‍රකට මත් ජාවාරම් කල්ලි නායකයකු වූ හොසේ අඩොල්ෆෝ මාසියාස් වියමාර් හෙවත් ෆිටෝ පළායාමෙන් අනතුරුව ඇතිවූ තත්ත්වයයි. ජනාධිපති නොබෝආ රටේ හදිසි තත්ත්වයක් පැනවූ අතර රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට ක්‍රියා කර තිබෙනවා.

අඟහරුවාදා රාත්‍රියේ රූපවාහිනී සේවයකට කඩා වැදුණ අවිගත් පිරිසක් එහි සජීවී වැඩසටහනකට බාධා කරමින් තමන්ට බාධා කළහොත් රටේ විශාල කළබගෑනි ඇති කරන වග ද කියා සිටියා.

මේ සිදුවීමෙන් අනතුරුව මත් ජාවාරම් කල්ලි මැඩලීමට මෙහෙයුම් දියත් කරන්නට තිබෙන නොබෝආ ක්‍රියා කළා. විශේෂයෙන් බන්ධනාගර සමහරක තත්ත්වය කඩිනමින් නරක අතට හැරුණ අතර ගැටුම් ද වාර්තා වුණා.

පසුගිය සමයේ රටේ බන්ධනාගර බොහොමයක බලය රජයේ අංශ අතින් ගිලිහී තිබෙනවා.

Example Image