hit counter

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2024 ජූලි 26, ප.ව. 4:20



මෙක්සිකෝවේ සිනලෝවා මත් ජාවාරම් කාර්ටලයේ නිර්මාතෘ යෝකින් “එල් චැපෝ” ගුස්මාන්ගේ පුත්‍රයකු වන යෝකින් ගුස්මාන් ලෝපේස් සහ එල් චැපෝ සමග එක්ව සිනලෝවා කාර්ටලය ගොඩනැගූ අයකු වන ඉස්මයෙල් “එල් මායෝ” සම්බාඩා යන දෙදෙනා ඇමරිකාවේ එල් පැසෝ හිදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ පුද්ගලික ගුවන් යානයකින් ගොඩබැස්ස දෙදෙනා අත් අඩංගුවට ගත් බවයි.

ෆෙන්ටනිල් ආදී මත්ද්‍රව්‍ය නිපදවීම සහ ජාවාරම ඇතුළු සිනලෝවා කාර්ටලයේ අපරාධ මෙහෙයවීම පිළිබඳ මේ දෙදෙනාට එරෙහිව චෝදනා ගණනාවක් ගොනුව තිබෙන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

එල් චැපෝ ගුස්මාන් 2017 දී ඇමරිකාවට පිටුවහල් කරන ලද අතර මේ වනවිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්ව ඇමරිකාවේ දැඩි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවනු ලැබ සිටිනවා.