2026 පෙබරවාරි 23, පෙ.ව. 1:20
මෙක්සිකෝවේ බලධාරීන්ට අවශ්‍යව සිටි පුද්ගලයන් අතුරින් ප්‍රධානම තැනැත්තා වූද එරට යලිස්කෝ නිව් ජෙනරේශන් මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියේ ප්‍රධානියා වූද නෙමෙසියෝ ඔසෙගේරා සර්වන්තේස් හෙවත් “එල් මෙන්චෝ” නමැත්තා එරට වෙලාවෙන් ඉරිදා අලුයම සිදුවූ හමුදා මෙහෙයුමකින් පසු මියගොස් තිබෙනවා.
බලධාරීන් පවසන්නේ ඔහු අල්ලාගැනීමට කළ මෙහෙයුමකදී තුවාල ලද එල් මෙන්චෝ හෙලිකොප්ටරයක් මගින් රෝහලට ගෙන යද්දී මියගිය බවයි.
යලිස්කෝ පළාතෙන් පටන්ගෙන දැනට මෙක්සිකෝව පුරා අතු පතර විහිදවාගෙන සිටින යලිස්කෝ නිව් ජෙනරේශන් කල්ලිය මෙහෙයවූ ඔහු මියයන විට 59 හැවිරිදි වූයේ යැයි විශ්වාස කෙරෙනවා.
මේ අතර එල් මෙන්චෝගේ මරණයට පළිගැනීමක් ලෙස ඔහුගේ කල්ලිය විවිධ ස්ථානවල ප්‍රහාඅර එල්ල කර ඇතැයි වාර්තා වනවා. ගුවාදලහාරා හි අන්තර්ජාතික ගුවන් තොටුපල අසළ ද ප්‍රහාර සිදුවූ බව වාර්තා වුණා.
2026 පෙබරවාරි 21, පෙ.ව. 9:04
2026 පෙබරවාරි 16, ප.ව. 2:32
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16