hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 මාර්තු 23, ප.ව. 8:08



රුසියාවේ මොස්කව් අගනුවර අසළ ඊයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බව කියන 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුසියානු බලධාරීන් කියා සිටියේ මින් සිව් දෙනකු ඍජුවම ප්‍රහාරය දියත් කළ අය බවයි. එයින් එක් අයකු තජික් ජාතිකයකු වනවා. තවත් අයෙක් මාර්තු 4 වනදා තුර්කියේ සිට රුසියාවට ඇතුල් වූ අයකු බවයි සඳහන් වන්නේ. ඔහුට මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා ඩොලර් 5,400 ත් 10,830 ත් අතර මුදලක් පොරොන් දු වූයේ යයි ද ඔහු පවසා තිබෙනවා.

මෙම ප්‍රහාරයේ වගකීම සංවිධානය භාරගත් අතර රුසියාව චෝදනා කරන්නේ ඊට යුක්‍රේනයේ ද සම්බන්ධයක් ඇති බවයි.

ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 143 දක්වා ඉහළ ගිය බව අද සවස රුසියානු බලධාරීන් සඳහන් කළා.