hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 ජනවාරි 23, ප.ව. 11:18



ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වයක් නොමැතිවීම විහිලුවක් බව ටෙස්ලා සහ X (ට්විටර්) ආදී සමාගම්වල ප්‍රධානී ඊලොන් මස්ක් පවසනවා.

ඔහු කියා සිටින්නේ බලයේ සිටින අය අන් අය වෙනුවෙන් එය අතහැරීමට සූදානම් නැති බවයි. ඉන්දියාවට මෙන්ම අප්‍රිකාවට (එක් ඒකකයක් ලෙස​) ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ලැබිය යුතු බව ඔහු පවසනවා.

මස්ක් මේ බව කියා සිටියේ අප්‍රිකානු රටකට ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ලැබිය යුතු යයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් කළ ප්‍රකාශයකට පිළිතුරක් ලෙසයි.

දැනට ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් පස්දෙනකුට නිත්‍ය සාමාජිකත්වය තිබෙන අතර ඉන් ඇමරිකාව​, බ්‍රිතාන්‍යය​, ප්‍රංශය සහ රුසියාව ඉන්දියාවට නිත්‍ය සාමාජිකත්වය ලබාදීමට සහය පළකර තිබෙනවා. චීනය ඒ පිළිබඳ සඳහනක් කර නැහැ.