2024 නොවැම්‍බර් 10, පෙ.ව. 5:04
යුක්‍රේන යුද්ධය තවත් කෙටි කලකින් නිමවනු ඇති බවත් යුධවාදීන් එයින් ලාබ ලැබූ සමය අවසන් වනු ඇති බවත් X සමාජ ජාලයේ හිමිකරු වන ඊලොන් මස්ක් පවසනවා.
මස්ක් ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රබල ආධාරකරුවෙක්.
ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර දුරකථන සංවාදයක් සිකුරාදා සිදුවූයේ යයි වාර්තා වනවා. එම සාකච්ඡාවට මස්ක් ද එක්වූයේ යයි ඇතැම් ඇමරිකානු මාධ්‍ය පවසනවා.
ට්‍රම්ප් සටන් විරාම සැලැස්මක් යෝජනා කරන බවත් ඒ අනුව යුද්ධය නවතා දෙපාර්ශවය අතර යුධ මුක්ත කලාපයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති බවත් මාධ්‍ය වාර්තා කියා සිටියා.
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15