2024 නොවැම්‍බර් 13, පෙ.ව. 8:51
ඇමරිකානු රාජ්‍ය වියදම් අඩු කිරීම සඳහා කටයුතු කරන නව දෙපාර්තමේන්තුවක් ලෙස රාජ්‍ය කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ස්ථාපිත කර එහි කටයුතු ඊලොන් මස්ක් සහ විවේක් රාමස්වාමි වෙත පවරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.
මේ අනුව ට්‍රම්ප් ජනාධිපති ධුරයෙහි වැඩ බාරගත් පසු මස්ක් සහ රාමස්වාමි ෆෙඩරල් ආණ්ඩුවේ වියදම් අඩු කිරීමේ වගකීම කරට ගනු ඇති.
මැතිවරණ සමයේදී මස්ක් සඳහන් කර තිබුණේ වසරකට රාජ්‍ය වියදමෙන් ඩොලර් ට්‍රිලියන දෙකක් අඩු කිරීමේ හැකියාව පවතින බවයි. මෙය රාජ්‍ය වියදමෙන් තුනෙන් එකකට ආසන්න මුදලක්. මෙම වසරේ ෆෙඩරල් ආණ්ඩුවේ වියදම ඩොලර් ට්‍රිලියන 6.9 ක් පමණ වේ යයි ඇස්තමේන්තු කර තිබෙනවා.
මේ සා විශාල වියදම් අඩු කිරීමක් කෙසේ සිදුකරන්නේද යයි මෙතෙක් ට්‍රම්ප් කඳවුර පැහැදිලිව සඳහන් කර නැහැ. එහෙයින් මස්ක් සහ රාමස්වාමි විසින් එම කටයුතු මෙහෙයවන ආකාරය පිළිබඳ ඉදිරියේදී නිරීක්ෂණය කළ හැකි වනු ඇති.
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15