2024 සැප්තැම්බර් 08, ප.ව. 1:43
ඊශ්‍රායලයේ ව්‍යාප්තවාදයට එරෙහිව ඉස්ලාමීය රාජ්‍යයන් හි සන්ධානයක් ස්ථාපිත කළ යුතුව ඇතැයි තුර්කි ජනාධිපති රචෙප් තයෙප් අර්දොවාන් පවසනවා.
තමන් ඊජිප්තුව සහ සිරියාව සමග පැවති ගැටළු නිරාකරණය කරගැනීමට යොමු වූයේ එවන් පුළුල් සන්ධානයක අවශ්‍යතාව හේතුවෙන් බවයි අර්දොවාන් පෙන්වා දෙන්නේ.
ඔහු පවසන්නේ ගාසා තීරයේ සටන්වලින් ඊශ්‍රායලය නොනවතින බවයි. ඊශ්‍රායලයට වඩා පුළුල් මැදපෙරදිග යුද්ධයක් අවශ්‍ය බවත් බටහිර ඉවුර දෙසට ද ලෙබනනය, සිරියාව මෙන්ම යුප්‍රටීස් ටයිග්‍රීස් ගංගා දෙසට ද එය හැරෙනු ඇති බවත් ඔහු පවසනවා.
කෙසේ වෙතත් ඊශ්‍රායල විදේශ ඇමති ඊශ්‍රායෙල් කැට්ස් අර්දොවාන් විසින් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඔහු පවසන්නේ ඊශ්‍රායල විරෝධීන් උසිගන්වන අදහසින් අර්දොවාන් අසත්‍ය චෝදනා එල්ල කරන බවයි.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16