hit counter

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු 18, ප.ව. 5:47



ඉරාන බුද්ධි ප්‍රධානී ඉස්මයිල් හාටිබ් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරණයට පත්වූ බව ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඊශ්‍රායෙල් කැට්ස් නිවේදනය කළා.

ඊයේ රාත්‍රියේ ඉරාන අගනුවර වන ටෙහෙරානයේදී මෙම ප්‍රහාරය එල්ල වූ බවයි ඔහු කියා සිටින්නේ.

ඉරාන පාලන තන්ත්‍රයේ ඉහළ පෙළේ නිලධාරීන් විශේෂ අවසරයක් ලබාගැනීමෙන් තොරව ඝාතනය කිරීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සහ තමන්ගේ අවසරය ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත ලබාදී ඇතැයි ද කැට්ස් ප්‍රකාශ කළා.

ශියා ඉස්ලාමීය පූජකයකු ද වන හාටිබ් 2021 අගෝස්තු 25 වනදා සිට ඉරාන බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළා. ඔහු බුද්ධි සේවා සහ ආරක්ෂක කටයුතුවල දශක හතරක පමණ පළපුරුද්දක් ඇති අයෙක්.

හාටිබ් ඊශ්‍රායල ප්‍රහාරවලින් දින දෙකක් තුළ මියගිය තුන්වන ඉහළ පෙළේ ඉරාන නිලධාරියා යි. එරට උත්තරීතර ජාතික ආරෆ්ෂක කවුන්සිලයේ ප්‍රධානී අලි ලරිජානි සහ බසිජ් මිලිෂියා ප්‍රධානී ගොලම්රේසා සුලෙයිමානි දෙපළගේ ඝාතන පිළිබඳ ඊයේ වාර්තා වුණා.