2025 මාර්තු 03, ප.ව. 12:59
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සමග ඇතිකරගත් බහින්බසි වීමෙන් අනතුරුව යුක්‍රේන අර්බුදය විසඳීමේ මැදිහත්කරුවකු ලෙස බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් ඉදිරියට පැමිණියා.
මාර්තු 1 වනදා සෙලෙන්ස්කි බ්‍රිතාන්‍යයට පැමිණි අතර බ්‍රිතාන්‍යය යුක්‍රේනයට ඩොලර් බිලියන 2.8 ක ණයක් ලබාදීමට එදින එකඟ වුණා. එමෙන්ම මාර්තු 2 වනදා ලන්ඩනයෙහි පැවති ආරක්ෂක රැස්වීමකදී රටවල් 18 ක නියෝජිතයන් යුක්‍රේනය පිළිබඳ සාකච්ඡා කළා.
මෙහිදී එළඹි ප්‍රධාන එකඟතා හතරක් පිළිබඳ ස්ටාමර් මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළා.
යුක්‍රේනයට දිගටම යුධ ආධාර ලබාදෙන අතරතුර රුසියාවට එරෙහි ආර්ථික සම් බාධක දිගටම පවත්වාගැනීම, යුක්‍රේන ස්වෛරීභාවය සහ ආරක්ෂාව සහතික කිරීම සහ සාම සාකච්ඡාවලදී යුක්‍රේනය පාර්ශවකරුවකු විය යුතු බව සැලකීම, සටන් විරාමයකින් පසුව ද යුක්‍රේනය ශක්තිමත් කිරීම සහ සාම සාධක හමුදා යැවීමට සන්ධානයක් ගොඩනැගීම එම කරුණුයි.
එමෙන්ම බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ යුක්‍රේනය එක්ව සටන් විරාම යෝජනාවලියක් පිළියෙල කරන බව ද එය ඉන් අනතුරුව ඇමරිකාවට ද දන්වන බව ද ස්ටාමර් පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකානු සහය නොමැතිව මෙම ක්‍රියාවලිය තනිව කළ නොහැකි බවයි.
යුක්‍රේනයට ගුවන් ආරක්ෂණ මිසයිල ලබාගැනීම සඳහා තවත් පවුම් බිලියන 1.6 ක ගිවිසුමකට එළඹි බව ද ස්ටාමර් සඳහන් කළා.
2025 මාර්තු 01, පෙ.ව. 3:46
2025 පෙබරවාරි 28, පෙ.ව. 9:50
2025 පෙබරවාරි 24, පෙ.ව. 10:25
2025 පෙබරවාරි 24, පෙ.ව. 9:50
2025 පෙබරවාරි 23, ප.ව. 1:59